ඩිස්කස් මසුන්ගේ නිජබිම ලෙස සැලකෙන්නේ ඇමර්සන් වැසි වනාන්තර වල පිරිසිදු දිය ඇලියි. ඔවුන් ඉතාම හොද ජල තත්වයන් යටතේ ජීවත්වන මසුන් විශේෂයක් ලෙස හැදින්විය හැකියි. ජලයේ සුලු වෙනස්කම් සදහාත් ප්‍රතිචාර දක්වන මෙම මසුන් ඉහළ උෂ්ණත්ව තත්වයන් වලදී ජීවත්වීමට වැඩි කැමැත්තක් දක්වයි. ඔවුන් ශීත ජලයේ වාසය කරන්නේ නැති අතර මස් සහ කුඩා පණුවන් වැනි සජීවී ආහාරවලට වැඩි ප්‍රියතාවක් දක්වයි.
කම්මැලි පුද්ගලයින්ට සහ අපිරිසිදු පුද්ගලයින්ට මෙම මසුන් ඇතිකළ නොහැකි බව කිව යුතුයි. ජලයේ පවිත්‍රතාව පවත්වාගන්නේ ජීවිතයේ පවිත්‍රතාව ඇති පුද්ගලයින්. එහෙන්ම ඒ සදහා මහන්සි විය යුතුයි. එනම් කම්මැලි පුද්ගලයින්ට මෙම මසුන් ඇතිකළ නොහැකියි. ඔබ අයත් වන්නේ කුමන කොටසකටද යන්න මෙම මසුන් දෙදෙනෙකු ඇතිකිරීමට උත්සාහ කිරීම තුලින් දැනගත හැකි බව මත්ස්‍ය විශේෂඥයින්ගේ අදහසයි.
0 comments:
Post a Comment